හැමොම දන්නවනෙ අයිසැක් නිව්ටන් නම් මහා විද්වතා ගැන... නිව්ටන් තමයි අර ගුරුත්වාකර්ශන නියමය හොයා ගත්තෙ.. හොයා ගත්ත හැටි ගැනත් දන්නව ඇතිනෙ..
දවසක් මෙයා ස්කොලෙන් කට්ටි පැනල රවුම් ගගහ ඉන්නකොට මහන්සියට පොල් ගහක් යට නිදා ගත්තා.. එතකොට හීනෙන් දැක්ක එදා කාලෙ තිබ්බ තඩි කාල බොම්බයක් ඔලුවට වැටෙනව.. ඒ එක්කම නිව්ටන් ගෙ ඔලුව දෙදරල ගියාලු..
නැගිටල බලනකොට පොල් ගෙඩියක් කෙලින්ම ඔලුවෙ..ඉතින් නිව්ටන් ට පැන්න
"මගුලටද මේ ගෙඩිය කැඩුනනම් උඩ ඉන්නෙ නැතුව මගෙ ඔලු කට්ටටම පැන්නෙ."
ඉතින් නිව්ටන් ට ඔය වෙලාවෙ ඇති නියමයක් මතක් වුනේ නෑ.. පැනලනෙ හිටියෙ..
සමහරු කියයි වැටුනෙ ඇපල් ගෙඩියක් කියල.. කාටද ඔප්පු කරන්ඩ පුලුවන්.. ආයෙ කියයි ඒ රටේ පොල් නෑ කියල.. කව්ද දන්නෙ දැන් නැති වුනාට ඒ කාලෙ තිබ්බද කියල..
හැබෑට නිව්ටන් ගෙ ඔලුව පැලුනෙ නැද්ද..
නෑ නෑ පැලුනෙ නෑ..
ඉතින් නිව්ටන් පස්සෙ ඔය නියම මගුල් හොයා ගත්ත... ඒකෙනුත් අපිටනෙ සාමාන්ය පෙළ කාලෙ වදේ තිබ්බෙ..
ඉතින් දැන් කියන්නෙ ඒ මහා විද්වතා කල ගොන් ම ගොන් වැඩක්..
දැන් ඔය නියම මගුල් හොයා ගත්තට පස්සෙ ටිකක් සල්ලි එහෙම හම්බෙලා ඔෆිස් රූම් එකක් හදා ගත්ත.. දවසක් යාලුවෙක් ආව නිව්ටන් බුවාව බැහැ දකින්ඩ.. පොර අමුතු දෙයක් දැක්ක.. මෙයාගෙ කාමරේ දොර පලු දෙකයි.. ඒකෙ යටින් දෙපැත්තෙම රවුම් දෙකක් කපල.. සිංහලෙන් කියනවනම් පෙට් ඩොර් දෙකක්..
ඉතින් දැන් මූ ඇහුව නිව්ටන් ගෙන් මොකටද මචන් පෙට් ඩොර් දෙකක්..
" මගෙ පූසට එන්ඩ දොරයි/යන්ඩ දොරයි.. කොහොමද මගෙ වැඩ"
ඉතින් යාලුවට පොඩ්ඩක් හිනා වගෙ.. "ඉතින් පූස හරියට මේ දොරෙන් ඇවිත් අර දොරෙන් යනවද?"
නෑ නෙ බන්... මගෙ පූස ටිකක් ගොන්"නිව්ටන් එහෙම කිව්ව..
"අනේ ගොනො පූසට දෙකක් ඔන නෑ.. එකක් හොදටම ඇති.. " යාලුවා පැන ගියේය..
Subscribe to:
Post Comments (Atom)
7 comments:
:D :D
අන්තිම එක අයින්ස්ටයින්ගේ බලු සීන් එකට සමානයි නේද ?. කොහොම වුනත් නියමයි
එල තමා.. තැන්කූ වෙවා
ලා පාට පසුබිමේ තදපාට අකුරු තිබුනනම් මීට වඩා කියවන්න ලේසියි....මෙහෙම කියවන එක ඇස්ගෙඩි2කට වේදනාවක්.....
cool.....dude...පහර
Thankz for all
kiyawanna poddak amarui next time meeta wada creative karapan
එතකොට නියුටන් ගෙ 4-5 නියම ඉදිරිපත්කරෙ මොනා සම්බන්ධවද?
Post a Comment
ප්‍රතිචාරයක් ලබා දෙන්න.