කතා අංක 1
ඔන්න ඉතින් දවසක් බටගම ගුරුවරයෙක් සිය පන්තියේ ලමයින්ට කිව්වලු " ලමයි හෙට හැමෝම සුදු හාෆ්ශීට් 1ක ගානේ ගේන්ඩ කියල". ඉතින් පහුවදා බලපුවම හැමෝම ගෙනල්ල කොල ටික.. එක්කෙනෙක් විතරක් ගෙනල්ල නෑ. සෑර් ගෙන්නුව ලමයව.. කන අතගෑවා.. ඊට පස්සෙ ඇහුව ඇයි තෝ ගෙනාවෙ නැත්තෙ"?
සර් මට අමතක වුනා..
හරි හරි කමක් නෑ.. ඔය ලග ඉන්න ලමයගේ හාෆ්ශීට් එක අරගෙන පොටෝකොපි ගහගෙන එනව ඉක්මනට..
හීහී
කතා අංක 2
බටගම මිනිහෙකුට සිය ගෙදර තිබ්බ කොස් ගහක් කපන්ඩ ඔනේ වුනාලු.. දැන් ඉතින් ඕක කෑලි කපල බිමට බාල ඊට පස්සෙ කරත්තෙට දාන එක හෙන පිස්සු හදෙන අමාරු වැඩක්නෙ.. ඉතින් පොර බැස්ස වැඩේට.. ගෙනාව කරත්තෙ කොස් ගහ මුලට.. කැපුව ගහ , අතහැරිය කරත්තෙ උඩට..
වැඩේ ලේසිය් නේ?
කතා අංක 3
අර බටගම ගුරාව මතකය් නෙ.. පොර දවසක් බයික් එකේ ගියාලු ශාන්ති කියල කඩේකට. ගිහිල්ල බඩු අරගත්තට පස්සෙ මතක් වුනාලු බයික් එකේ පෙට්‍රල් මදි කියා. ඉතින් පොර හෙල්ම්ට් එකත් අතෙ අරන් පෙට්‍රල් ශෙඩ් එකට ගිහින් කිව්වලු " මල්ලි මේකට 100ක ගහන්ඩ"
ගහන්ඩ කියන්නෙ මොකටද යකෝ.?
හුටා බයික් එක ශාන්ති එක ගාව
එක එක ජාතියෙ සින්දු තියෙනවා. මෙන්න 1ක්
සද මිදුලටා එනවා....................
සුලු මොහොතකට පසු............
එහෙනම් මොන හු****ද නීල් ආම්ස්ට්‍රොන්ග් හදට ගියෙ?
දොරමඩලාව වැඩසටහන ලවුරුත් දන්නවනෙ.. ඒවට කියන්නෙ විචාරාත්මක වැඩ සටහන් කියල. ඉතින් ඒ වගේ තවත් වැඩ සටහනක් තිබ්බ. ඒකෙ නමනම් මතක නෑ.. දැන් මේ උත්සව සමයෙ වඩාත් ජනප්‍රිය කෑමක් තමය් කුකුලා. මාත් කැමතිය්. ඉතින් දැන් මේ විචාරාත්මක වැඩසටහන් තිබ්බෙ උත්සව සමයේ මස් වෙලදාම ගැන.. මේකෙ හිටියෙ විචාරකයය්, උත්තර දෙන්ඩ තව දෙන්නෙකුය් විතරය්. ඔය 2න්නගෙන් 1කෙනෙක් අනිත් එක්කෙනාට කියන්ඩ දෙයක් ඉතුරු නොකර කියන්ඩ ඔන හැමදේම කියල දැම්ම.. ඉතින් දැන් අනිත් එක්කෙනාට කියන්ඩ දෙයක් නෑ. කොහොම හරි එයාගෙ වාරෙත් ආව.. ඉතින් එයා ටිකක් උගුර පාදල පටන් ගත්ත.
" දැන් බලන්ඩ.. මිනිසා කොච්චර ගෝත්‍රික වෙලාද කියනවනම් මස් කාල කාල මදි.. නිකම්ම මස් කාපුවම උන්ට ගතියක් නෑ.. ඒක හින්ද දැන් කරන්නෙ දෙමව්පියන්වත් මරාගෙන කනව"
දැන් විචාරකය පොඩ්ඩක් හොල්මන් වුනා. මෙයා මිනීමැරුමක් ගැනවත් කියන්ඩ යනවද කියල..
ඉතින් එයා කෙලින්ම ඇහුව "මොකක්ද මහත්තයො ඒ කියපු හරුපේ තේරුම? "
අහා කලබල වෙන්ඩ එප. දැන් කුකුල්ලු වර්ග කීපයක් ඉන්නවනෙ.. ඔය පේරන්ස් කියන කුකුල් මස් වර්ගය තමා නිකම් කුකුල්ලුන්ගෙ දෙමව්පියො.. ඉතින් මිනිස්සු දෙමව්පියන්වත් මරාගෙන කනව..
මේක ඇත්ත කතාවක්
මම 2012 උසස් පෙල කරන්ඩ ඉන්නෙ.. ඒකට කේවල වියාපෘතියකුත් කරන්ඩ එපැනේ. ඉතින් මම තොර ගත්තු මාතෘකාව තමා " මීගමුව ප්‍රදේශයේ කඩොලාන වියාප්තිය".. ඉතින් දැන් ඔකට විස්තර ඔන්ලයින් හොයාගන්ඩ පුලුවන්නම් ලේසිය්.. එහෙම කඩොලාන ගැන විස්තර හා පින්තූරු සොයා ගන්ඩ තැනක් කවුරු හරි දන්නවනම් කරුනාකර පවසන්න.. ලොකු උදව්වක්.. ඒක හොයාගන්ඩ පුලුවන් වෙන විස්තර තියෙන තැන් ගැන කමෙන්ට් එකක් විදියට දැම්මත් කමක් නෑ..... එහෙනම් හරි
කාලෙකට පස්සෙ බ්ලොග් ලියන පැත්තෙ අවා.. මෙච්චර ඩවසක් කම්මැලි කමට බ්ලොග් කියෙව්ව විතරය්.. දැන් මේ මම 2012 තමා උසස් පෙල කරන්නෙ.. හැබැය් මේ දවල් වල වාර විබාග.. කොම්බයින්ඩ් මැත්ස් තිබ්බ. ගන්ඩ දෙයක් නෑ.. අමාරුය්.. ලකුනු 10ක් වත් එයිද දන්නෙ නෑ.. හෙට කෙමිස්ටට්‍රි.. එකටවත් ලකුනු ගන්ඩ ඔනේ.. දැන් ඉතින් පාඩම් කිරීමක් තමා තියෙන්නෙ.. කම්මැලි කමට හිතුනා බ්ලොග් එකක් ලියන්ඩ... ජීවිතේම එපා වෙලා තියෙන්නේ. මේ ලස්සන දෙසැම්බර් මාසෙ ඔක්කොම මග ඇරිච්ච ඒව නැති කරගන්නව.. එකෙන්ම.. මම හිතන් ඉන්නෙ ෆිල්ම් බලන එකයි .. ගේම් ගහන එකක් අඩු කරන්ඩ.. වැඩ කරන්ඩ කාලෙ හරි.. දැන් නම් ඉතින් හැම දාම බ්ලොග් ලියනව.. ඒක නම් අවුලක් නෑ.. ආයෙ හැදෙන්ඩ කාලෙ හරි.. හිතේ තියෙන අමාරුව ඇර ගන්ඩයි ආවෙ.. හරි .. සුභ නත්තල් මාසයක් වේවා..
ඔයගොල්ලො අහල ඇතිනෙ රජකාලෙ කතා ගැන... බොහොම ඉන්ටරස්ටින් කතා තමා.. වෙරි ෆනී ඇන්ඩ් ජොලී..
ඔන්න දැන් මම කියන්ඩ යන කතාව සිද්ද වුනේ හෙන බර කාලයක් පිටිපස්සෙ..
හැමොම දන්නවනෙ කුකුල්ලු ගැන.. බොහොම රසවත් මසක්.. විවිද ආකාරයෙන් පිලියෙල කරල කන්ඩ පුලුවන්...
1- රොස්ට් චිකන් / බොයිල් චිකන්
2- චිලි චිකන් / බොල චිකන්
3- තායි චිකන් / ඩෙවිල් චිකන්
ඔය ආදී වශයෙන් ගොඩක් තියෙනව. දැන් කතාවට බහිමු..
ඔන්න දැන් බර කාලෙ මිනිහෙක් කුකුල්ලු කන්ඩ හරිම පෙරේතයි.. කනව කියන්නෙ උදේට , දවල්ට , තේ වෙලාවට , රෑට , කුඹුරෙදි මේ හැම වෙලාවෙදිම කන්නෙ කුකුල්ලු..
ඉතින් කුකුලගෙ රසම කොටස විදියට ඒ කාලෙ පිලිඅරන් තියෙන්නෙ කුකුලගෙ ම්ම්ම්ම්ම්ම්ම් මේ මේ මුත්‍රාශය තමා.. ඉතින් ඔක හැම තිස්සෙම කියන්ඩ බැරි නිසා කුකුලගෙ රසම කොටස හම කියල කියමුකො..
ඉතින් මේ මිනිහ අතේ කටේ හැම තැනම තිබ්බ මුලු සේසතම වැය කරල කුකුල්ලු කෑව.. ඉතින් දැන් සේසත ඉවර වුනාට පස්සෙ කන්ඩ දෙයක් නෑ.. ඒ කාලෙ රජවරු හොදය් ටිකක් .. ඉතින් මෑන්ස් ගියා රජා ලගට.. ගිහිල්ල තෙපරබෑව.. රජාට නැග්ග.
"බොල නර පනුව, කිකිලියෙකු බිත්තර දමන්නට සැරසෙන්නාක් මෙන් තො තෙපරබාන්නෙ කිමද? වහා ආ කාරනය කියාපිය.. නැත්තම් මට මල පනිනු ඇත"
මෑන්ස් බය වුනා.. " අනේ රජො බිත්තර නෙමේ.. මම කුකුල් මස් කණ්ඩ හරි පෙරේතයි.(ලැජ්ජාවෙ බෑ).. මම ඉතින් තිබ්බ ඔක්කොම විකුනල කුකුල්ලු කෑව.. මට සල්ලි කීයක් හරි දියන්කො..අනේ සමා වෙන්න දෙනු මැනවි...
දැන් රජාට පොඩ්ඩක් සැකයි.. "හරි එහෙනම් කියනව බලන්ඩ කුකුලගෙ රසම කොටස මොකක්ද කියල?"
අනේ රජ මහත්තයො මට නම් රසම කොටස මුත්‍රාශය තමා..( එක්කො හම කිය කිය ඉන්ඩ ඔනෙ නෑ.. එතකොට කතාවෙ රසය නැතිව යනව..)
උබ හරි.. භාණ්ඩාගාරික වහාම ගනු මුගේ බරට රත්තරන්.. ගෙන වහාම මූට දී පිටත් කර හැරපිය" රජු කීවේය..
මෑන්ස්ට දැන් සතුටුය්.. ඉතින් දැන් පොර රත්තරනුත් අරන් මග දිගේ යද්දි යාලුවෙක් හම්බුනා.. යාලුවට පොඩ්ඩක් අප්සෙට් ගහල හිටියෙ ඒ දවස් ටිකේ. සල්ලි නැතිව.. " මොකද මචන් හැපි එකේ.."
පොර අවංකයි.. කතාව ජෙලින්ම කිව්ව..
දැන් ඉතින් යාලුවත් ගියා රජා ගාවට.." රජතුම මම හරක් මස් කෑමට ප්‍රිය වෙමි.. මගේ සේසතම එයට වැය විය...මුදල් කීයක් හරි?"
"තෙල පනුව තා කියපිය මට හරකාගෙ රසම කොටස මොකක්ද කියල"? රජු කියාපි..
අනේ රජො හරකගෙ මුත්‍රාශය...( පොර මෑන්ස් කියපු විදියටම ඇද බෑව..)
බෙලි කපන තැන වහා පැමින මේ පනුවාගේ හිස සිදපිය... මම කැනිබල් කෙනෙකි
..
අහො දුකකි
හැමොම දන්නවනෙ අයිසැක් නිව්ටන් නම් මහා විද්වතා ගැන... නිව්ටන් තමයි අර ගුරුත්වාකර්ශන නියමය හොයා ගත්තෙ.. හොයා ගත්ත හැටි ගැනත් දන්නව ඇතිනෙ..
දවසක් මෙයා ස්කොලෙන් කට්ටි පැනල රවුම් ගගහ ඉන්නකොට මහන්සියට පොල් ගහක් යට නිදා ගත්තා.. එතකොට හීනෙන් දැක්ක එදා කාලෙ තිබ්බ තඩි කාල බොම්බයක් ඔලුවට වැටෙනව.. ඒ එක්කම නිව්ටන් ගෙ ඔලුව දෙදරල ගියාලු..
නැගිටල බලනකොට පොල් ගෙඩියක් කෙලින්ම ඔලුවෙ..ඉතින් නිව්ටන් ට පැන්න
"මගුලටද මේ ගෙඩිය කැඩුනනම් උඩ ඉන්නෙ නැතුව මගෙ ඔලු කට්ටටම පැන්නෙ."
ඉතින් නිව්ටන් ට ඔය වෙලාවෙ ඇති නියමයක් මතක් වුනේ නෑ.. පැනලනෙ හිටියෙ..
සමහරු කියයි වැටුනෙ ඇපල් ගෙඩියක් කියල.. කාටද ඔප්පු කරන්ඩ පුලුවන්.. ආයෙ කියයි ඒ රටේ පොල් නෑ කියල.. කව්ද දන්නෙ දැන් නැති වුනාට ඒ කාලෙ තිබ්බද කියල..
හැබෑට නිව්ටන් ගෙ ඔලුව පැලුනෙ නැද්ද..
නෑ නෑ පැලුනෙ නෑ..
ඉතින් නිව්ටන් පස්සෙ ඔය නියම මගුල් හොයා ගත්ත... ඒකෙනුත් අපිටනෙ සාමාන්ය පෙළ කාලෙ වදේ තිබ්බෙ..
ඉතින් දැන් කියන්නෙ ඒ මහා විද්වතා කල ගොන් ම ගොන් වැඩක්..
දැන් ඔය නියම මගුල් හොයා ගත්තට පස්සෙ ටිකක් සල්ලි එහෙම හම්බෙලා ඔෆිස් රූම් එකක් හදා ගත්ත.. දවසක් යාලුවෙක් ආව නිව්ටන් බුවාව බැහැ දකින්ඩ.. පොර අමුතු දෙයක් දැක්ක.. මෙයාගෙ කාමරේ දොර පලු දෙකයි.. ඒකෙ යටින් දෙපැත්තෙම රවුම් දෙකක් කපල.. සිංහලෙන් කියනවනම් පෙට් ඩොර් දෙකක්..
ඉතින් දැන් මූ ඇහුව නිව්ටන් ගෙන් මොකටද මචන් පෙට් ඩොර් දෙකක්..
" මගෙ පූසට එන්ඩ දොරයි/යන්ඩ දොරයි.. කොහොමද මගෙ වැඩ"
ඉතින් යාලුවට පොඩ්ඩක් හිනා වගෙ.. "ඉතින් පූස හරියට මේ දොරෙන් ඇවිත් අර දොරෙන් යනවද?"
නෑ නෙ බන්... මගෙ පූස ටිකක් ගොන්"නිව්ටන් එහෙම කිව්ව..
"අනේ ගොනො පූසට දෙකක් ඔන නෑ.. එකක් හොදටම ඇති.. " යාලුවා පැන ගියේය..