කතා අංක 1
ඔන්න ඉතින් දවසක් බටගම ගුරුවරයෙක් සිය පන්තියේ ලමයින්ට කිව්වලු " ලමයි හෙට හැමෝම සුදු හාෆ්ශීට් 1ක ගානේ ගේන්ඩ කියල". ඉතින් පහුවදා බලපුවම හැමෝම ගෙනල්ල කොල ටික.. එක්කෙනෙක් විතරක් ගෙනල්ල නෑ. සෑර් ගෙන්නුව ලමයව.. කන අතගෑවා.. ඊට පස්සෙ ඇහුව ඇයි තෝ ගෙනාවෙ නැත්තෙ"?
සර් මට අමතක වුනා..
හරි හරි කමක් නෑ.. ඔය ලග ඉන්න ලමයගේ හාෆ්ශීට් එක අරගෙන පොටෝකොපි ගහගෙන එනව ඉක්මනට..
හීහී
කතා අංක 2
බටගම මිනිහෙකුට සිය ගෙදර තිබ්බ කොස් ගහක් කපන්ඩ ඔනේ වුනාලු.. දැන් ඉතින් ඕක කෑලි කපල බිමට බාල ඊට පස්සෙ කරත්තෙට දාන එක හෙන පිස්සු හදෙන අමාරු වැඩක්නෙ.. ඉතින් පොර බැස්ස වැඩේට.. ගෙනාව කරත්තෙ කොස් ගහ මුලට.. කැපුව ගහ , අතහැරිය කරත්තෙ උඩට..
වැඩේ ලේසිය් නේ?
කතා අංක 3
අර බටගම ගුරාව මතකය් නෙ.. පොර දවසක් බයික් එකේ ගියාලු ශාන්ති කියල කඩේකට. ගිහිල්ල බඩු අරගත්තට පස්සෙ මතක් වුනාලු බයික් එකේ පෙට්‍රල් මදි කියා. ඉතින් පොර හෙල්ම්ට් එකත් අතෙ අරන් පෙට්‍රල් ශෙඩ් එකට ගිහින් කිව්වලු " මල්ලි මේකට 100ක ගහන්ඩ"
ගහන්ඩ කියන්නෙ මොකටද යකෝ.?
හුටා බයික් එක ශාන්ති එක ගාව
20
Jan
2011
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ado rambage katha ela ela......................
ඔයා බටගම කෙනෙක්ද?
ඔහොම ගමකට අපහස කරන්න එපා.. බටගම දැකල නැත්නම් ටිකක් ඇවිත් බලන්න..කොයිතරම් දියුණු ගමක්ද කියල..
ඔය කට කතා වලට ඇත්තක් නැහැ ..බටගමට විතරක් නෙමේ ඔය කතා තවත් ගම් දෙක තුනකටම කියනවා ලංකාවේ..
මම හිතන්නේ ඔයා බටගමට ආසන්න ගමක වෙන්න ඇති..එකනේ බටගම ගැන ඔය තරම් දන්නේ. ඔයාගේ ගමේ අය කරපු බුද්දිමත් වැඩ කිහිපයක් දාන්න බලන්න මේ බ්ලොග් එකේ..ඒ වගේ දෙයක් වටිනවා අපහසේකට වඩා..
මේක දැනගන්න .. ඔය වගේ කතා හදලා තියෙන්නේ අතීතයේ වෙනත් ගම් වල මිනිසුන් ගම්පහ දිස්ත්රික්කයේ විශාලම ගම වන බටගම මිනිසුන්ගේ දියුණුව ඉවසන්න බැරුව ඔවුන්ව මානසිකව වට්ටන්න කියලා ඔයා නොදන්නවා ඇති..
මේ තරම් දේවල් ලීවේ වෙන අමාරුවක් නිසා නොව බටගම ගමේ අතීතය ගැන දන්නා බටගම ගම් වාසියෙක් නිසාය..
Post a Comment
ප්‍රතිචාරයක් ලබා දෙන්න.