දොරමඩලාව වැඩසටහන ලවුරුත් දන්නවනෙ.. ඒවට කියන්නෙ විචාරාත්මක වැඩ සටහන් කියල. ඉතින් ඒ වගේ තවත් වැඩ සටහනක් තිබ්බ. ඒකෙ නමනම් මතක නෑ.. දැන් මේ උත්සව සමයෙ වඩාත් ජනප්‍රිය කෑමක් තමය් කුකුලා. මාත් කැමතිය්. ඉතින් දැන් මේ විචාරාත්මක වැඩසටහන් තිබ්බෙ උත්සව සමයේ මස් වෙලදාම ගැන.. මේකෙ හිටියෙ විචාරකයය්, උත්තර දෙන්ඩ තව දෙන්නෙකුය් විතරය්. ඔය 2න්නගෙන් 1කෙනෙක් අනිත් එක්කෙනාට කියන්ඩ දෙයක් ඉතුරු නොකර කියන්ඩ ඔන හැමදේම කියල දැම්ම.. ඉතින් දැන් අනිත් එක්කෙනාට කියන්ඩ දෙයක් නෑ. කොහොම හරි එයාගෙ වාරෙත් ආව.. ඉතින් එයා ටිකක් උගුර පාදල පටන් ගත්ත.
" දැන් බලන්ඩ.. මිනිසා කොච්චර ගෝත්‍රික වෙලාද කියනවනම් මස් කාල කාල මදි.. නිකම්ම මස් කාපුවම උන්ට ගතියක් නෑ.. ඒක හින්ද දැන් කරන්නෙ දෙමව්පියන්වත් මරාගෙන කනව"
දැන් විචාරකය පොඩ්ඩක් හොල්මන් වුනා. මෙයා මිනීමැරුමක් ගැනවත් කියන්ඩ යනවද කියල..
ඉතින් එයා කෙලින්ම ඇහුව "මොකක්ද මහත්තයො ඒ කියපු හරුපේ තේරුම? "
අහා කලබල වෙන්ඩ එප. දැන් කුකුල්ලු වර්ග කීපයක් ඉන්නවනෙ.. ඔය පේරන්ස් කියන කුකුල් මස් වර්ගය තමා නිකම් කුකුල්ලුන්ගෙ දෙමව්පියො.. ඉතින් මිනිස්සු දෙමව්පියන්වත් මරාගෙන කනව..
මේක ඇත්ත කතාවක්
Showing posts with label ටීවී කතා. Show all posts
Showing posts with label ටීවී කතා. Show all posts
Subscribe to:
Posts (Atom)
.jpg)