බටගම කතා


කතා අංක 1

ඔන්න ඉතින් දවසක් බටගම ගුරුවරයෙක් සිය පන්තියේ ලමයින්ට කිව්වලු " ලමයි හෙට හැමෝම සුදු හාෆ්ශීට් 1ක ගානේ ගේන්ඩ කියල". ඉතින් පහුවදා බලපුවම හැමෝම ගෙනල්ල කොල ටික.. එක්කෙනෙක් විතරක් ගෙනල්ල නෑ. සෑර් ගෙන්නුව ලමයව.. කන අතගෑවා.. ඊට පස්සෙ ඇහුව ඇයි තෝ ගෙනාවෙ නැත්තෙ"?
සර් මට අමතක වුනා..
හරි හරි කමක් නෑ.. ඔය ලග ඉන්න ලමයගේ හාෆ්ශීට් එක අරගෙන පොටෝකොපි ගහගෙන එනව ඉක්මනට..
හීහී

කතා අංක 2

බටගම මිනිහෙකුට සිය ගෙදර තිබ්බ කොස් ගහක් කපන්ඩ ඔනේ වුනාලු.. දැන් ඉතින් ඕක කෑලි කපල බිමට බාල ඊට පස්සෙ කරත්තෙට දාන එක හෙන පිස්සු හදෙන අමාරු වැඩක්නෙ.. ඉතින් පොර බැස්ස වැඩේට.. ගෙනාව කරත්තෙ කොස් ගහ මුලට.. කැපුව ගහ , අතහැරිය කරත්තෙ උඩට..
වැඩේ ලේසිය් නේ?

කතා අංක 3

අර බටගම ගුරාව මතකය් නෙ.. පොර දවසක් බයික් එකේ ගියාලු ශාන්ති කියල කඩේකට. ගිහිල්ල බඩු අරගත්තට පස්සෙ මතක් වුනාලු බයික් එකේ පෙට්‍රල් මදි කියා. ඉතින් පොර හෙල්ම්ට් එකත් අතෙ අරන් පෙට්‍රල් ශෙඩ් එකට ගිහින් කිව්වලු " මල්ලි මේකට 100ක ගහන්ඩ"
ගහන්ඩ කියන්නෙ මොකටද යකෝ.?
හුටා බයික් එක ශාන්ති එක ගාව